Latestදේශීය

කළුතර බුලත්සිංහලට නාවික හමුදාව කැඳවයි

අයහපත් කාලගුණික තත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ ප්‍රදේශය වෙත නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායමක් ස්ථානගත කිරීමට ඊයේ (18) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, අධික වැසි හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ ඇති වී ඇති සුළු ගං වතුර තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන්, බුලත්සිංහල පරගොඩ ප්‍රදේශය වෙත මෙලෙස ගංවතුර ආපදා සහන කණ්ඩායමක් ස්ථානගත කෙරුණු අතර, ඊයේ එම සහන කණ්ඩායම මඟින් පරගොඩ ප්‍රදේශයේ ගංවතුර සහන මෙහෙයුම් සිදුකෙරිණි.

තවද, අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා අමතර ආපදා සහන කණ්ඩායම් ද, නාවික හමුදාව සූදානමින් තබා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *