Uncategorized

දවස් 4යි – බස් සේවාව නවතයි

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව ඊයේ (19) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවතා දමා ඇත.

මෙම සුඛෝපභෝගී බස් සේවාව මේ මස 15වැනිදා ආරම්භ කළ අතර, එදිනම ඊට විරෝධතා එල්ල විය.

විශේෂයෙන් ගුවන්තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක්ද ආරම්භ කරනු ලැබීය.

ඊට අමතරව ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් තම විරෝධතාව ඉදිරිපත් කර තිබුණි.

මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන්තොටුපොළ කුළී රථ ධාවන සංගම් ද සිය සහයෝගය පළ කළේය.

ඒ අනුව සියල්ල සළකාබලා සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කර දින 04කට පසුව නවතා දැමීමට පියවර ගෙන ඇත.

කෙසේ නමුත් නවතා දැමූ බස් රථ වෙනුවට තම බස් සංගමයේ දිනකට ධාවනයෙන් ඉවත් වන බස් රථ 10ක් , ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ධාවනය කරවීමට නියමිත බව ගුවන්තොටුපොළ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා පැවසීය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *