Latestක්‍රීඩාදේශීය

දරුවන් තාක්ෂණික මෙවලම්වලින් ගලවාගෙන ක්‍රීඩාවට යොමුකළ යුතුයි

වර්තමානයේ දරුවන් තාක්ෂණීක මෙලවම්වල ගොදුරක් වී ඇති බැවින් ඔවුන් ඉන් මුදවා ගෙන දරුවන් කුමන හෝ ක්‍රිඩාවකට යොමු කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රිඩා උළෙළේ ජයග්‍රහණය කළ තරගකරුවන්ට ජය හා සංකේත ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේදි සිදු කෙරුණු අවස්ථාවේදී ඔහු මේ බව පැවසුවේය.
දින හතරක් පුරා මෙම මලල ක්‍රිඩා උළෙල පැවති අතර මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 09ක් පාසල් තරගතරුවන් විශාල පිරිසක් සහභාගි වු අතර නව තරග වාර්තා රැසක්ද වාර්තා කළ අතර වසර 27ක පසුව මාතලේ නගරය කේන්ද්‍ර කරගෙන මෙම ක්‍රිඩා උත්සවය පැවැත්විමද සුවිශේෂ කරුණකි.
මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ වර්තමානයේ දි පාසල් දරුවන් බොහෝ දෙනෙකු තාක්ෂීණක මෙවලම් සගම කටයුතු කරන බවත් ඒ තුළින් ඔවුන් විවිධ සමාජ විෂමාදාරයන්ට ගොදුරුවි ඇති බවය.නමුත් ක්‍රිඩාව වැනි දේයකට දරුවන් යොමු කිරිම තුළින් මේ දේවල්වලින් දරුවන් බේරා හැකි බවත් දෙමාපියන් ලෙස ඒ දේ කාලෝචිතව සිතා බලා සිදු කළ යුතු කාලය එළඹ ඇති බවද ආණ්ඩුකාරවරයා පැවසිය.
මෙම මලල ක්‍රිඩා උත්සවයේදි ජයග්‍රහණය කළ දරුවන්ට සුභාංෂිසන පිරිනමන බවත් පළාතෙන් බිහිවු ඔලිම්පික් නියෝජනය කළ තරුෂී දියණිය වැනි ක්‍රිඩික ක්‍රිඩිකාවන් මේ බිමෙන් බිහිවේවායි ප්‍රාර්ථනා කරන බවද ආණ්ඩුකාරවරයා පැවසිය.
මෙම අවස්ථාාවට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රිඩා) අතුල ජයවර්ධන, ඔලිම්පික් නියෝජනය කළ මලල ක්‍රිඩිකා තරුෂී කරුණාරත්න ක්‍රිඩිකාව ඇතුලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුවන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විදුහල්පතිවරුන්, ගුරුභවතුන් ඇතුලු ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇතුලු විශෘල පිරිසක් එක්වි සිටියහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *