Latestවිදේශීය

වඳුරු උණ සම්බන්ධයෙන් ඉන්දියාව සීරුවෙන්

මේ වනවිට ගෝලීය තර්ජනයක් දක්වා ව්‍යාප්ත වී තිබෙන වඳුරු උණ (Monkeypox) රෝගය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි පූර්ව සූදානමකට සියලු කටයුතු පෙළ ගස්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව බංගලාදේශය සහ පකිස්ථානයේ සිට දේශසීමා හරහා පිහිටා තිබෙන ගොඩබිම පිවිසුම් මාර්ග, ගුවන් සහ නාවික පිවිසුම් සියල්ල දැඩි ආරක්ෂක විධිවිධාන යෙදවීමට යටත් කර ඇත. මෙම රෝග ලක්ෂණ පහළ වූ අය රඳවා තැබීමට විශේෂ තාවකාලික කුටි ඉදිකරමින් සිටින බවත් වාර්තා වේ.

මේ අතර සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව මධ්‍යම රජය විසින් සියළු ප්‍රාන්ත රාජ්‍යයන් වෙත නිරෝධායනය කළමනාකරණය සහ ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය විද්‍යාත්මක සැලසුම් මේ වනවිටත් ලබා දී තිබේ.

එමෙන් ම, ජාතික වශයෙන් මෙම උවදුරට මුහුණ දීම සඳහා රාම් මනේහාර් ලෝකියා රෝහල, සාගර්පුත් රෝහල සහ ගාඩින්ක් රෝහල මූලික වශයෙන් ම සූදානම් කර විශේෂ ඒකක පවා පිහිටුවා ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *