ට්‍රම්ප් පිටුපස ඉරානය
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට අනවසරයෙන් ඇතුළුවීම පිටුපස ඉරානය සිටින බව අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කර තිබේ.
FBI සහ අනෙකුත් ආයතන එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකාවේ ප්රජාතන්ත්රවාදී ආයතන කෙරෙහි අසමගියක් ඇතිකිරීමට සහ විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ඉරානය විසින් අමෙරිකානු මැතිවරණයට මැදිහත් වී ඇති බව අදාළ වාර්තාවේ සඳහන්ය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට මෙම මස මුලදී අභ්‍යන්තර පණිවුඩයක් අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් ඉරානයට චෝදනා එල්ල වුණි.
කෙසේවෙතත් ඉරාන නිලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

