Latestදේශීය

ස්විට්සර්ලන්තයේදී අත්අඩංගුවට ගත් පොඩි පැටී දිවයිනට

ස්විට්සර්ලන්තයේදී අත්තඩංගුවට ගැනුණු පාතාල කල්ලි සාමාජික “පොඩි පැටී” දිවයිනට රැගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.

ඔහුගේ ඇගිලි සලකුණු පරීක්ෂාවක් සඳහා සහාය ලබා දෙන ලෙසට එලෙස බලධාරීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇතිබව පොලිසිය පවසයි.

එම කටයුතු සිදුකිරීමෙන් අනතුරුව “පොඩි පැටී” දිවයිනට රැගෙන ඒමට රාජත්‍රාංත්‍රික ලෙස කටයුතු කිරීමට අදාළ රාජ්‍ය ආයතන වෙත දැනුම් දෙන පොලිසිය පවසයි.

“පොඩි පැටී” නැමැත්තා බෙලරූස් රාජ්‍යයේදී පසුගියදා අත්අඩංගුවට ගැනිණි.

මේ අතර අපරාධ වල නිරත වෙමින් විවිධ රටවල සැගව සිටින පාතාල නායකයින් ,මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇතුළු අපරාධකරුවන් 168 දෙනෙකු අත්තඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබා ගෙන ඇතිබව පොලිසිය පවසයි.

එම අපරාධකරුවන්ගෙන් වැඩි පිරිසක් ඩුබායි රාජ්‍යයේ සැගවසිටින බව පොලිසිය පවසයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *