Latestවිදේශීය

සිරගතව සිටින ඉම්රාන් ඛාන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කුලපතිධූරයට?

පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය සිරගතව සිටින ඉම්රාන් ඛාන් ලොව වඩාත් කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙසින් සැලකෙන බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ බව ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය වන ටේහ්රීක් -ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය සිය  ‘X’ ගිණුමෙන්ද තහවුරු කර ඇත.

එහි දැක්වෙන පරිදි පී.ටී.අයි. පක්ෂයේ ලන්ඩනයේ ප්‍රකාශක සයීඩ් සුල්ෆිකර් බුහාරි හරහා ඉම්රාන් ඛාන් තම අයදුම්පත විධිමත් ලෙස ඔක්ස්ෆර්ඩ් පාලනාධිකාරිය වෙත යොමුකර තිබේ.

ඒ අනුව ඔහු කුලපති ධුරයට පත් වුවහොත් එම විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්වන ආසියානු සම්භවයක් ඇති පළමු පුද්ගලයා ඔහු වනු ඇත. 

ඉම්රාන් ඛාන්ද ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආදි විද්‍යාථියෙකු වෙයි.

එමෙන්ම පාකිස්තානයේ පළමු අගමැතිනිය වන බෙනාසීර් භූතෝ ඇතුළු පාකිස්තානයේ අගමැතිවරු හය දෙනෙක් සහ ජනාධිපතිවරු දෙදෙනෙකුද ඔක්ස්ෆර්ඩ් හි අධ්‍යාපනය ලබා ඇත.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වත්මන් කුලපති වන ක්‍රිස් පැටන් එළැඹෙන පෙබරවාරි මාසයේදී සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව පසුගියදා නිවේදනය කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *