Uncategorized

මනූෂගේ ආසනය බන්දුල ලාල් බන්ඩාරිගොඩට

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. 

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ  මනුෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා  බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා මෙලෙස පත් කරනු ලැබීය.

 බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *