Latestදේශීය

රාජපක්ෂලාට එරෙහිව රනිල්ගේ කඳවුරේ නිමල් සිරිපාලගෙන් දැඩි ප්‍රහාරයක්

පොහොට්ටු පක්ෂයෙන් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ නිමල් සිරිපාල ද සිල්වා රනිල් වික්‍රමසිංහගේ වේදිකාවේ සිට රාජපක්ෂ කඳවුරට දැඩි ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන තිබේ.

පසුගිය දිනක පවත්වන ජන හමුවක දී නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කර තිබෙන්නේ රාජපක්ෂලා විසින් රනිල් වික්‍රමසිංහව විනාශ කර සජිත් ප්‍රේමදාසව ආරක්ෂා කරන බව ය.

ඔහු ඒ බව සඳහන් කළ ආකාරයෙන් ම පහත දැක්වේ.

“එදා අරලියගහ මන්දිරයේ මරණ බියෙන් අනේ අපිව බේර ගන්න කියලා කෑ කෝ ගහපු අයත් දැන් එනවා ජනාධිපතිවරණයට. අද රාජපක්ෂලා ඉන්නේ රනිල් වික්‍රමසිංහව විනාශ කරලා සජිත් ප්‍රේමදාසව ආරක්ෂා කරන්න. එතකොට රාජපක්ෂලා හොඳයි“ යනාදී වශයෙන් පැවසීය.

කටුනායක ගුවන්තොටුපල ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව බාර ගෙන සිටි ජපන් සමාගමකින් කප්පම් ඉල්ලීම නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දැරු සමයේ දී මොහු ඇමති ධුරයෙන් නෙරපා හරිනු ලැබීය. පසුව රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද ව්‍යාජ කමිටුවකින් නිදොස් කිරීමෙන් පසුව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නැවත ඔහු වෙත ම ලබා දුන්නේ ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *