Latestදේශීය

අන්තරයට වාරණ නියෝගයක්

මරදාන පොලීසියේ ස්ථානාධිපති කළ ඉල්ලීමක් අනුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විරෝධතාව වැළැක්වීම සඳහා නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ සම සෞඛ්‍ය උපාධිදාරී එකමුතුව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (22) පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙනි.

මරදාන සෞඛ්‍ය අමාත්‍යංශය අසල මාර්ගවල ගමනාගමනය අවහිරවන පරිදි වාහනවලට හා මහ ජනතාවට බාධාකාරීවන ලෙසට විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කරන බවට ලද බුද්ධි තොරතුරක් මත මරදාන පොලීසියේ ස්ථානාධිපති විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මෙම විරොධතාව වළක්වන ලෙසට ඉල්ලීමක් සිදු කර තිබුණි.

ඊට අදාළ පොලිස් මාධ්‍ය නිවේදනය පහතින්,

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *