Latestවිදේශීය

ඉරාන ජනාධිපතිගේ අභිරහස් මරණයේ හේතුව මෙන්න

අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩන් වැටීමට හේතුව එරට රජයට සම්බන්ධ පුවත් ඒජන්සියක් සඳහන් කර තිබේ.

එහි දැක්වෙන්නේ එම යානය අයහපත් කාලගුණය සහ යානය ට එහි බර පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් එය අනතුරට පත්වූ බවයි.

පසුගිය මැයි මාසයේ සිදුවූ එම අනතුරින් ඉරාන ජනපතිවරයා එම ස්ථානයේදීම මියගොස් තිබුණි.

එම අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණ වලදී යානයට ප්‍රහාරයක් එල්ල වූ බවක් හෝ වෙනත් බාහිර අකටයුත්තක් හෝ සිදුවූ බවක් හෙළි නොවූ බව බලධාරීන් පවසයි.

එම යානය අසර්බයිජාන් දේශසීමාව ආසන්නයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටෙන විට එහි නියමිත ප්‍රමාණයට වඩා පුද්ගලයින් දෙදෙනෙක් ගමන්කර තිබූ බව අනාවරණය විය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *