Latestදේශීය

දුමින්ද සිල්වා නිදහස් වී සිටියා නම් “හිරු” සජිත්ට උදව් කරයි ද? හිරුණිකා අසයි

හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිමිවූ ජනාධිපති සමාවෙන් අද වනවිට ඔහු නිදහසේ සිටිය නම් හිරු නාලිකාව සජිත් ප්‍රේමදාස මහතාට අද දක්වන සහයෝගය නොදක්වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

2019 පැවති ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට ප්‍රධාන හේතුවක් වූයේද හිරු නාලිකාව බවද ඇය චෝදනා කරයි.

නමුත් මෙවර ජනාධිපතිවරණයේදී එම නාලිකාව අංශක එකසිය අසූවක් ආපිට හැරී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කටයුතු කරන ආකාරය දුටු විට සමගි ජන බලවේගයේ අයද පුදුමයට පත් වෙන බවත් ඇය කියා සිටී.

මේ උත්සාහ කරන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවීමට ඇති වුවමනාවක් නොව මල්ලිගෙ වැඩේ කර ගැනීමට බව මොළයක් තියෙන ඕනෑම පුද්ගලයකුට තේරුම් යන බවද ඇය පැවසුවාය.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *