Latestවිදේශීය

රුසියානු චීන සබඳතා තවත් ශක්තිමත් කරයි

සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා සහතික කිරීමටත්, නැගී එන නවීන අංශවල සහයෝගිතා වැඩිදියුණු කිරීමටත් රුසියාව සමග එක්ව පියවර ගන්නා බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) ක්‍රෙම්ලිනයේ දී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හමුවූ අවස්ථාවේ දී ය.

චීන – රුසියානු සබඳතාවල අඛණ්ඩ වර්ධනය දෙරටේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කරන අතර කලාපීය හා ලෝක සාමය සාක්ෂාත් කිරීමට ද එය ඉවහල් වනු ඇති බව ලී ච්‍යං එහිදී පැවසීය. රාජ්‍ය නායක දෙප‍ළගේ එකඟතා ක්‍රියාත්මක කිරීමටත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් චීනය සූදානමින් සිටින බව ද ඔහු කියාසිටියේය.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එහිදී පැවසුවේ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 75 වැනි සංවත්සරය සැමරෙන මෙම වසර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සන්ධිස්ථානගත වසරක් බවයි. නව යුගයේ රුසියානු-චීන උපායමාර්ගික හවුල්කාරිත්වය සහතික කිරීමට කැපවන බව ද ඔහු අවධාරණය කළේය.

චීන අග්‍රාමාත්‍යවරයා රුසියාවට පැමිණියේ චීන – රුසියානු රාජ්‍ය ප්‍රධානීන් අතර පැවැත්වෙන 29 වැනි නිත්‍ය රැස්වීමට සහභාගි වීම සඳහා යි. හෙතෙම රුසියානු අග්‍රාමාත්‍ය මිහයීල් මිෂුස්ටින් සමග එම රැස්වීමේ සම-මුලසුන් දැරීය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *