Uncategorized

රනිල් මූළික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

පසුගිය වසරේ මාර්තු මස 09 වෙනි දින පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය කූඨ උපක්‍රම යොදා නොපැවැත්වීම සම්බන්ධයෙන් මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් මූලික අයිතිවාසිකම් උල්ලඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර තීන්දු කරනු ලැබීය.

එම මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙසද නියෝග කර ඇති අතර එම මැතිවරණය නොපැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ප්‍රකාශ කරන ලෙස ජාතික ජන බලවේගය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, පැෆ්රල් සංවධානය ඇතුළු සංවිධාන ගණනාවක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

වසර එකහමාරකට වැඩි කාලයක් ඒ පිළිබඳව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) මෙම තීන්දුව ලබාදෙනු ලැබීය.

මෙම තීන්දුව ලබා දෙන ලද්දේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *