ජනතාවගේ ජීවත්වීමේ අයිතියටත්, ඡන්ද අයිතියටත් ගරුකළා – රනිල් වික්‍රමසිංහ
ආර්ථික අර්බුදය විසඳනු වෙනුවට පළාත් පාලන ඡන්දය පැවැත්වූයේ නම් සිදුවන්නේ කුමක්දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරයි.
මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (22) පැවැත්වූ නව ජනතා පෙරමුණේ ජාතික මහා සම්මේලනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
“පෝලිම් තිබුණා හැමතැනම. ගෑස් පෝලිම ඉවරවෙනකොට පෙට්‍රල් පෝලිම පටන් ගන්නවා. පෙට්‍රල් පෝලිම ඉවරවෙනකොට බෙහෙත් පෝලිම පටන් ගන්නවා.”
“මෙහෙම පෝලිම් තිබුණේ. ඔබ සියලු දෙනාම අමාරුවෙන් ජීවත්වුණේ. අලුතෙන් කියන්න වුවමනා නැහැ. මම දන්නවා ඒ වින්ද දුක.”
“දැන් අවුරුදු දෙකක් ඇවිල්ලා අර්ථිකය ස්ථාවර කරලා තිබෙනවා. අපි පෝලිම් නැති කරලා තියෙනවා. ආදායම් වැඩි කරලා තියෙනවා. සමහර භාණ්ඩවල මිල අඩුවෙලා තියෙනවා. මේ ඔක්කොම තියෙනවා.”
“ඒත් තවමත් බරක් මේ රටේ ජනතාවට තියෙනවා. නැහැ කියන්නේ නැහැ. ඒකත් අපි ඊළඟ අවුරුදු දෙකේ විතර නැති කරනවා.”
“මේ ඔක්කොම අමතක කරලා මම ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය තිබ්බා නම් මොකක්ද වෙන්නේ. එච්චරයි මං අහන්නේ. ඔබතුමන්ලා තීරණය කරන්න.”
“මගේ කිසිම කනගාටුවක් නැහැ මේක කල්දාපු එක ගැන. ජනතාවට ජීවත්වීමේ අයිතියට මම ගරු කළා. ඡන්ද අයිතියටත් මම ගරු කළා.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

