ඩෙංගු සහයකයන්ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කෙරේ
ඩෙංගු සහායකයන් ලෙස දැනට සේවයේ යෙදෙන 332 ක් සේවකයන්ගේ සේවා කාලය තවත් වසරකින් කොන්ත්‍රාත් පදනම යටතේ දීර්ඝ කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගයේ හයයි දෙක සමත් වූ පුද්ගලයන් ඩෙංගු සහායකයන් ලෙස බඳවාගෙන සිටින අතර වසර 8ක් තිස්සේ සේවාවේ නියුතු මෙම පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය ඇසූ වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
මෙම සහායකයන්ගේ කොන්ත්‍රාත් කාලය ඔක්තෝබර් මාසයේ දී නැවත දීර්ඝ කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙම වර්ෂයේ දී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව වාර්තාගත වීම අවම වී ඇති බවත් ඩෙංගු පාලනය සඳහා කටයුතු කරන සියලු දෙනාගේ සහාය නිසා මෙම අඩු වීම සිදුව ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

