Latestදේශීය

සිංහයා තනිකර මගින් හැරුණු සීතා යමින් සිටින්නේ ගව රැලක් සමඟ ද?

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවණ ප්‍රචාරක වේදිකාවේ ප්‍රධාන කථිකාවිය වූ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මේ වනවිට රනිල් පිලට එක් වී සිටින අතර දැඩි ලෙස දේශපාලනික නන්නත්තාර වීමක සිටින බව වාර්තා වේ.

අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් පිහිටුවා ගැනීමට උත්සාහ කරන අලුත් දේශපාලන පක්ෂයට සීතා අරඹේපොල ද එක් වීමට මූලික සාකච්ඡා පවත්වා තිබේ. නමුත්, එම පක්ෂය පිහිටුවා ගැනීම පිළිබඳව ද ඇයට බරපතළ ගැටළු පවතින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (22) ලංකාදීප පුවත්පත ද කරුණු හෙළි කර තිබිණි. “අපි සන්ධාන ගත වෙන්නේ කොහොමද? වෙන් වෙන් ව යනවාද පක්ෂයක් විදිහට යනවාද“ යනුවෙන් සීතා අරඹේපොල වෛද්‍ය රමේෂ් පතිරණ සමඟ සාකච්ඡා කරමින් ගැටළු විසඳා ගැනීමට උත්සාහ කර තිබේ. ඇය ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාවේදී ප්‍රශ්න කර සිටියේ ‘සිංහයෙක් සමඟ යනවාද? ගව රැලක් සමඟ යනවාද‘ යනුවෙනි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *