Latestදේශීය

බඹර ප්‍රහාරයෙන් ‌බගවන්තලාවේ 5 දෙනෙක් රෝහල් ගත කෙරේ

(රංජිත් රාජපක්ෂ)

බාහිර පන්තියකට සහභාගි වි ආපසු නිවස කරා ගමන් කරමින් සිටි පාසල් ළමුන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල් ළමුන් සිව්දෙනෙකු සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා (22) දින බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

බගවන්තලාව කර්කස්වොල් වතුයායේ ගසක බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවියන් තිදෙනෙකුට , එක් සිසුවෙකුට සහ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට බඹරුන් පහර දි තුවාල සිදු කර ඇති බවත්, රෝහලට ඇතුලත් කල පාසල් ළමුන් අවු 14-16 වයස් කාණ්ඩ වල පසුවන බවයි බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ ජයසුරිය මහතා කියා සිටියේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු පාසල් ළමුන් සහ පුද්ගලයාව ප්‍රදේශවාසින් එක්ව රෝහල් ගත කර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *