ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් දිවයිනට පැමිණේ
ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේ වනවිටත් දිවයිනට පැමිණ තිබේ. මීට අමතරව ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයන්ද දිවයිනට පැමිණීමට නියමිතය.
එම සංවිධාන කළ ඉල්ලීමකට අනුව මැතිවරණය නිරීක්ෂණයට අවසරය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේය. ඉන්දියාව,නේපාලය,බංග්ලාදේශය, පකිස්තානය, මාලදිවයින ඇතුළු රටවල මැතිවරණ නිරීක්ෂණ සංගම් සහ නියෝජිතයන් ද මැතිවරණ නිරීක්ෂණය සඳහා අවසර ඉල්ලා ඇත. අවසර ලබා ගන්නා ආයතන සහ නියෝජිතයන් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇතුළු සියලු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත ලබා දිය යුතුය.
@දිනමිණ
Please follow and like us: