දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කරයි
පන්දුවක් ඇඟිල්ලේ වැදීමෙන් සිදු වූ ආබාධක් හේතුවෙන් ශ්‍රී ලංකා කඩුලු රකින මැද පෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් ඊයේ රෝහල්ගත කිරීමට කටයුතු කර තිබිණි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියදී මාක් වුඩ් එවූ පන්දුවක් දකුණු අතේ ඇඟිල්ලක වැදීමෙන් චන්දිමාල් මේ ආබාධයට ලක්විය.
ඒ සමඟ ඔහු පිටියෙන් ඉවත්වීමට කටයුතු කළ අතර, ඒ වන විට ඇඟිල්ල තරමක් ඉදිමී තිබිණි. එම නිසා ඔහු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කළ අතර, කෙසේ වෙතත් වෛද්‍ය වාර්තා අනුව ඔහුගේ ආබාධය බරපතළ නොවන බවත් අස්ථි බිඳීමක් සිදුව නැති බැවින් අවශ්‍ය නම් යළි පිතිකරණයේ නිරත වීමට හැකි බවත් වාර්තා විය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

