Latestදේශීය

නැවත පෝලිම් යුගයක් ඇතිවේවි – රනිල් වික්‍රමසිංහ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අතර පවතින එකඟතා වැඩපිළිවෙලේ කොන්දේසි සංශෝධනය කිරීමට අවසර ඉල්ලුවත් ඊට අවස්ථාව නොලැබුන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මහරගම තරුණ සේවා සභාවේ පැවති නව ජනතා පෙරමුණ පක්ෂයේ සම්මේලනය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

‘අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවන් කඩකළහොත් අපට මුදල් ලැබෙන්නේ නැහැ.

එම කොන්දේසි සංශෝධනය කරනවා කියන්නේ දැන් තිබෙන කොන්දේසිවලින් ඉවත්වීමයි.

අප මීට වඩා ලිහිල් කොන්දේසි ඉල්ලා සිටියා. නමුත් ඒවා හිමිවුණේ නැහැ.

නමුත් මෙම සහන මඟින් අපට ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ හැකියාව තිබෙනවා.

නමුත් මේවා වෙනස් කිරීමට උත්සාහ කළහොත් ලැබීමට තිබෙන මුදල් අහිමි වෙනවා.

එවිට අපට නැවත පෝලිම් යුගයකට යෑමට සිදු වෙනවා.’

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *