Latestදේශීය

ජනාධිපතිවරණය නිසා TNA කෑලි වලට කැඩෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකිව දෙමළ ජාතික සන්ධානය පාර්ශව කිහිපයකට බෙදී සිටින බව වාර්තා වෙයි.

අවසන් තීන්දුවක් ගැනීමට පෙර පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥාම් ශ‍්‍රීධරන් මහතා දෙමළ පොදු අපේක්‍ෂක පී අරියනේත‍්‍රන් මහතාට සහාය දැක්වීමට තීන්දු කර ඇත.

ඒ සමග මෙම අර්බුදය උත්සන්න වී තිබේ.

දෙමළ සන්ධාන නායකයා සඳහන් කර ඇත්තේ පෞද්ගලික තීරණයක් මත තමන් මෙම තීරණය ගත් බවත් තමන්ගේම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අපේක්ෂාව බවත්ය.

මේ අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දිය යුතු බව පවසන අතර තවත් කිහිපදෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දිය යුතු බව සඳහන් කරති.

මෙම තත්ත්වය මත දෙමළ ජාතික සන්ධානයේ ජනාධිපතිවරණයට අදාළ තීරණය ගැනීම බරපතළ මතභේදාත්මක තත්ත්වයකට පත්ව තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *