Latestදේශීය

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් දිවයිනට පැමිණේ

ජනා­ධි­ප­ති­ව­ර­ණය නිරී­ක්ෂ­ණය සඳහා යුරෝපා සංග­මයේ මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යින් මේ වන­වි­ටත් දිව­යි­නට පැමිණ තිබේ. මීට අම­ත­රව ජනා­ධි­ප­ති­ව­රණ නිරී­ක්ෂණ කට­යුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩ­ලීය මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යින් හා ආසි­යානු මැති­ව­රණ නිරී­ක්ෂණ ජාලයේ නියෝ­ජි­ත­යන්ද දිව­යි­නට පැමි­ණී­මට නිය­මි­තය.

එම සංවි­ධාන කළ ඉල්ලී­ම­කට අනුව මැති­ව­ර­ණය නිරී­ක්ෂ­ණ­යට අව­ස­රය ලබා­දුන් බව මැති­ව­රණ කොමි­ෂන් සභාව ප්‍රකාශ කළේය‍. ඉන්දි­යාව,නේපා­ලය,බංග්ලා­දේ­ශය, පකි­ස්තා­නය, මාල­දි­ව­යින ඇතුළු රට­වල මැති­ව­රණ නිරී­ක්ෂණ සංගම් සහ නියෝ­ජි­ත­යන් ද මැති­ව­රණ නිරී­ක්ෂ­ණය සඳහා අව­සර ඉල්ලා ඇත. අව­සර ලබා ගන්නා ආය­තන සහ නියෝ­ජි­ත­යන් ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ඡන්ද විම­සීම ඇතුළු සියලු කට­යුතු නිරී­ක්ෂ­ණය කිරී­මෙන් පසු වාර්තා­වක් මැති­ව­රණ කොමි­සම වෙත ලබා දිය යුතුය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *