Latestදේශීය

සූර්ය බලශක්ති ව්‍යාපෘතියට කොරියානු ආයෝජන

දකුණු කොරියානු මහජන සමූහාණ්ඩුවේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වන යොං-ජෝ මුන් හා   අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් (22) අරලියගහ මන්දිරයේ දී සිදු විය.

මෙරට බලශක්ති සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කළ යොං-ජෝ මුන් මහතා ප්‍රකාශ කළේ තමන් සභාපතිත්වය දරන ජාත්‍යන්තර අන්තර් හුවමාරු සංවර්ධන සංගමයට අනුබද්ධ ව්‍යවසායකයන් සූර්ය බලශක්ති ව්‍යාපෘති කිහිපයකට මෙන්ම ශ්‍රී ලංකාවේ පලතුරු වගාව සඳහා ද ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන බවයි.
ශ්‍රී ලංකාවේ පලතුරු වගාව සඳහා ආයෝජනය කිරීමේ කැමැත්තෙන් පසුවන්නන් කොරියාව ඇතුළු වෙනත් රටවලට මෙරට පලතුරු අපනයනය කිරීමේ අදහසින් පසුවන බවද හෙතෙම පැවසීය.
මෙම ක්ෂේත්‍රවල ආයෝජන කිරීමේ යෝජනා ශ්‍රී ලංකාව පිළිගන්නා බව පැවසූ අග්‍රාමාත්‍යවරයා විකල්ප බලශක්ති ප්‍රභවයන්වලට යොමු වෙමින් බොරතෙල් මත යැපීම අවම කිරීම සඳහා රජය සැලසුම් කර ඇතැයි පෙන්වා දුන්නේය.
ධීවර, සෞඛ්‍ය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා යොදාගත හැකි නව තාක්ෂණය සඳහා කළ හැකි ආයෝජන පිළිබඳ ව ද ඔවුහු සාකච්ඡා කළ හ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *