Latestවිදේශීය

ඉන්දීය වෛද්‍යවරිය ඝාතනය – CCTV දර්ශන තහවුරු කරයි

කොල්කටා හි 31 හැවිරිදි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණයකර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ චූදිතයා වූ සන්ජෝයි රෝයි වෛද්‍ය විද්‍යාලයට හා රෝහලට ඇතුළු වන අයුරු දැක්වෙන සීසීටීවී කැමරා දර්ශන මාධ්‍යට නිකුත් වී තිබේ.

මියගිය වෛද්‍යවරියගේ දේහය අසල තිබී හමුවූ බ්ලූටූත් ඉයර්ෆෝනය සැකකරුගේ ගෙල වටා රඳවා ඇති ආකාරයද එම CCTV දර්ශන වල සටහන්ව ඇත.

සැකකාර සන්ජෝයි රෝයි අලුයම 1.03 ට සිරුර හමුවූ විද්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවට ඇතුළු වන අයුරු සහ වෛද්‍යවරියගේ දේහය අසල තිබී සොයාගත් බ්ලූටූත් ඉයර්ෆෝනය CCTV කැමරා දර්ශනවල ද සටහන්ව තිබීම යන සාක්ෂි මත ඔහුව අත්අඩංගුවට ගත් බව, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසිය ඔහුට CCTV කැමරා සාක්ෂි පෙන්වා ඇති අතර පසුව ඔහු අපරාධය පිළිගත් බවත් වාර්තා වේ.

සන්ජෝයි රෝයි මෙම අපරාධය සිදුකිරීමට පෙර ඝාතනයට ලක්වූ වෛද්‍යවරිය සහ තවත් කනිෂ්ඨ වෛද්‍යවරුන් හතර දෙනෙකු දෙස බලා සිටින ආකාරය රෝහලේ ළය වාට්ටුවේ CCTV කැමරා දර්ශනවල සටහන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

සැකකරු පුහුණුව ලත් බොක්සිං ක්‍රීඩකයෙකු වන අතර ඔහු වසර ගණනාවක් තිස්සේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.

එම සම්බන්ධතා මත ඔහු කොල්කටා පොලිස් සුභසාධක මණ්ඩලයට ගොස් මෙම වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ පොලිස් මුරපොලේ සේවය කර තිබේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *