Latestදේශීය

උපදේශක තනතුරු පත්කරන්න කැබිනට් අනුමැතිය ගෙන තිබේ ද?

අධිකරණ නියෝගයෙන් මන්ත්‍රී ධුර අහිමි වීම හේතුවෙන් ඇමති ධුර අහිමි වූ හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට ජනාධිපති විසින් ඔවුන් ඇමති ධුර දැරූ අමාත්‍යාංශවල උපදේශක තනතුරු පිරිණැමීමට පෙර ඒ සම්බන්ධයෙන් ගත් කැබිනට් අනුමැතිය පිළිබදව විමසිමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, නීතීඥ සුනිල් වටගල ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීගෙන් තොරතුරු විමසා තිබේ.

මන්ත්‍රී ධුරය අහිමි වනවිට ක්‍රීඩා හා තරුණ කටයුතු, සංචාරක හා ඉඩම් ඇමති ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දුට එම අමාත්‍යාංශයේ උපදේශක තනතුර ලබා දී ඇති අතර මන්ත්‍රී ධුරය අහිමි වනවිට කම්කරු සහ විදේශ රැකියා ඇමති ලෙස කටයුතු කළ මනූෂ නානායක්කාරට එම අමාත්‍යාංශයේ උපදේශක තනතුරුක් ලබා දී ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *