Latestදේශීය

මියගිය ජනාධිපති අපේක්ෂක වෙනුවට වෙනත් අයෙකුට අවස්ථාව

ස්වාධීන ජනාධිපති අපේක්ෂක අභාවප්‍රාප්ත මොහොමඩ් අයිදෘස් ඉල්ලියාස් මහතා වෙනුවට වෙනත් ආදේශකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට දින තුනක කාලයක් ලබාදී ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

මොහොඩ් අයිදෘස් ඉල්ලියාස් මහතා මිය ගිය බවට මරණ සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් ඉල්ලියාස් මහතා වෙනුවෙන් නාම යෝජනා පත්‍රයට අත්සන් කළ පුද්ගලයාට වෙනත් ආදේශකයෙකු නම් කිරීමට හැකියාව පවතින බව පැවසීය.

කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ මොහොඩ් අයිදෘස් ඉල්ලියාස් මහතාගේ ඡන්ද සලකුණ සහ නම මුද්‍රණය කර ඇති බැවින් එය වෙනස් නොවන බව සභාපතිවරයා පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වැදීමට සිටි මොහොඩ් අයිදෘස් ඉල්ලියාස් මහතා පසුගිය දා (22) රාත්‍රියේ ආභාවප්‍රාප්ත විය.

ඒ හෘදයාබාධයක් හේතුවෙනි. මිය යන විය වයස අවරුදු 79කි.

ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 38ක් බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *