Air Ceilao නමින් දැවැන්ත ගුවන් සමාගමක් අරඹයි
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙක් විසින් Air Ceilao නමින් තවත් ගුවන්සේවයක් ආරම්භ කරන්නට සූදානම් බවට තොරතුරු වාර්තා වෙයි.
මූලික අදියරේදී මැදපෙරදිග සහ ආසියානුකරයේත් ඉන් අනතුරුව යුරෝපයටත් ගුවන් ගමන් ආරම්භ කිරීම ඔවුන්ගේ අරමුණය.
බෝයිං ගුවන්යානා මිලදී ගැනීමට ඔවුන් මේ වනවිට සාකච්ඡා කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ ගුවන්සමාගම ස්ථාපනය කිරීමට අදාළ කටයුතු සිවිල් ගුවන්සේවා අධිකාාරිය සමග එක්ව සිදු කරන බව වැඩිදුරටත් වාර්තා වේ
මෙමගින් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අභියෝගයක් එල්ලවනු ඇති බවද ගුවන්සේවා ආරංචි මාර්ග පවසයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

