බටහිර රටවලින් සැපයූ ආයුධ වලින් රුසියාවට පහර දුන්නා – යුක්රේනය පවසයි
බටහිර රටවල් සපයා ඇති අවිවලින් රුසියාවට ප්‍රහාර එල්ල කළ බව යුක්රේනය ප්‍රථම වරට පිළිගනී.
ඇමරිකාවේ නිෂ්පාදිත HIMARS රොකට් කාලතුවක්කු පද්ධතියක් භාවිතයෙන් රුසියාවේ Kursk ප්‍රදේශයට ප්‍රහාර එල්ල කළේ යැයි යුක්රේන බලධාරීන් ඉකුත් 21 වැනි දා පැවසූ බව බ්‍රිතාන්‍යයේ Reuters ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. ඇමරිකානු අවි භාවිත කරමින් රුසියාවට පහර දුන් බව යුක්රේනය පිළිගත් ප්‍රථම අවස්ථාව මෙයයි. එහෙත්, මේ සම්බන්ධයෙන් ඇමරිකාව මෙතෙක් කිසිදු අදහසක් පළ කර නොමැත.
ඇමරිකාවේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය 20 වැනිදා පවසා තිබුණේ මෙම ගැටුමට අදාළ තම ප්‍රතිපත්ති වෙනස් වී නොමැති බවයි.
රුසියා-යුක්රේන ගැටුම හටගත් දා සිට ඇමරිකාව වරින් වර යුක්රේනයට අවිආයුධ සපයා එහි තත්ත්වය උත්සන්න කරවා ඇත.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

