Latestදේශීය

රනිල්ගේ කණෙන් රිංගා සී බී නැවතත් පොහොට්ටු වේදිකාවට

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කරනු ඇතැයි වාර්තා වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා නාමල් රාජපක්ෂ මහතාගේ ජන රැලියකට එක්ව තිබේ.

ජනාධිපති මැතිවරණය වෙනුනෙන් දිවුලපිටියේ පැවති රැලියට මන්ත‍්‍රීවරයා මෙසේ එක්විය.

ඒ මහතා පසුගිය මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දෙවෙනි වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයායි.

රත්නායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කරනු ඇතැයි මාධ්‍ය රැසක් වාර්තා කර තිබින.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *