Latestදේශීය

අනිත් ඔක්කොම ණය පප්පලා – දිලිත් ජයවීර

ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති සෙසු අපේක්ෂකයින්ට ණය ගෙවීමට අවැසි ආදායම උත්පාදනයට කිසිදු උපායමාර්ගික සැලැස්මක් නොමැති බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේ ඊයේ (25) පැවැති ජන රැලිය අමතමිනි.

සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වන ජන රැලි මාලාවේ තවත් අදියරක් අද පස්වරුවේ පැවැත්වුණේ අනුරාධපුර කඩපනහ පරිශ්‍රයේදීය.

ඒ සඳහා සර්වජන බලයේ විධායක කමිටු සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා, 

“දූෂණය තවත්වන්න හැමෝම කතා කරනවා දූෂණ කරමින්. මම දැක්කා ජනපති අපේක්ෂකයින්ගේ මාසික ආදායම. මට දුක හිතුනා එයාලා මාසෙකට ලක්ෂයෙන් දෙකෙන් ජීවත් වෙන්නේ. ඔයාලටත් ජීවත් වෙන්න බැරි ගානෙන් එයාලා ජීවත් වෙනවා. එයාලා කළු ආර්ථිකයේ කොටස්කරුවෝ. එක තඹ සත පහක් බදු වශයෙන් එයාලා ගෙවලා නෑ.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *