Latestදේශීය

අනුර ජනාධිපති වෙලා මුලින්ම කරන්න ඕනා රනිල්ගේ වත්කම් හොයන එක – සුනිල් හදුන්නෙත්ති

ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර දිසානායක මහතා ජනාධිපති ලෙස පත්වූ පසුව මුලින්ම කරන කාර්යයක් වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් කිරීම බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කරයි.

වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශය අනුව මෙම විමර්ශන සිදු කරන බවද හෙතෙම පැවසීය.

ජාතික ජනබල වේගයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කලේය.

“දැන් අනුර දිසානායක සහෝදරයාගෙ වත්කම් බැරකම් ඔහු කියලා තියෙන ප්‍රමාණයට වඩා රනිල් වික්‍රමසිංහගේ අඩුයි කියනවා නම් ඒකම පිළිගන්නවාද මේ රටේ මිනිස්සු? ඒකම බොරුවක්නෙ. එතනත් වංචාවක්නෙ කරලා තියෙන්නෙ.

මොකද මේ රටේ ජනතාව දන්නවා හොඳටම රනිල් වික්‍රමසිංහලා හම්බකරගත්ත ඒවා කොහොමද තියෙන්නෙ කියලා. මහ බැංකුවෙන් ගහපුවා තියෙනවා, ඒවා හැබැයි ඔය එකවුන්ට්වල නෙවෙයි තියෙන්නෙ. ඒවා තියෙන්නෙ වෙන එකවුන්ට්වල. ඒකත් හංගලා තමයි ගහලා තියෙන්නෙ.

රනිල් වික්‍රමසිංහගේ වත්කම් බැරකම් ප්‍රකාශය හරිද කියලා හොයන එක මං හිතන්නෙ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වෙලා මුලින්ම කරන්න ඕනෙ වැඩක්”

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *