Latestවිදේශීය

අසීරු ප්‍රයත්නයකින් මැඩපැවැත්වූ එංගලන්තයේ ගින්න

එංගලන්තයේ නැඟෙනහිර ලන්ඩනයේ ඩාගින්හැම් ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක ඊයේ අලුයම විශාල ගින්නක් හටගෙන ඇති අතර, ගිනි නිවන හමුදා භටයන් 200කට අධික පිරිසක් එක්ව ගින්න මැඬ පැවැත්වීමට සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ අලුයම 2.44ට පමණ ලන්ඩන් නුවර ගිනි නිවන ඒකකයට ලැබුණු පළමු දුරකතන ඇමතුමටම ප්‍රතිචාර දක්වමින් මිනිත්තු 5ක් ඇතුළත එම ස්ථානයට ළඟා වූ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එම ගොඩනැඟිල්ලේ සිටි දරුවන් ඇතුළු 100කට වැඩි පිරිසක් වහා ඉවත් කර ඇතැයි ද වාර්තා වේ. මේ අනතුරින් පුද්ගලයන් සිව් දෙනකු සුළු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

මහල් අටකින් යුතු එම ගොඩනැඟිල්ලේ එක් කොටසක් මුළුමනින්ම විනාශ වී ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත්, වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත් ලන්ඩන් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *