මත්ද්‍රව්‍ය සමාජ ව්‍යසනය අවසන් කිරීමට NPP වැඩපිළිවෙල
වර්තමානය වනවිට මත්ද්‍රව්‍ය භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළ යෑම හේතුවෙන් එය සමාජ ව්‍යසනයක් බවට පත්වී ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙයි.
2022 වසරේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 152,979ක් අත්අඩංගුවට ගෙන තිබුණි.
බන්ධනාගාර ගතකර ඇති පුද්ගලයින්ගෙන් 60% පමණ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් ය.
මේ වනවිට ශ්‍රී ලංකාව කලාපයේ මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
එබැවින් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ජාතික ජන බලවේගය ප්‍රමුඛත්වය ලබාදෙන බව සඳහන් ය.
- රට තුළ මත්ද්‍රව්‍ය සහ පාතාලය පාලනයට ඒකාබද්ධ මෙහෙයුමක්
- මත්ද්‍රව්‍ය නිවාරණයට වෙනම කාර්යාංශයක්
- මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැලැක්වීම සඳහා නාවික, ගුවන් මාර්ග පරීක්ෂා කිරීමේ පහසුකම් වර්ධනය කිරීම, නවීන උපකරණ ලබාදීම හා නිලධාරීන් පුහුණු කිරීම
- පුනරුත්ථාපන වැඩසටහන් විධිමත් කිරීම
- මත්ද්‍රව්‍ය වැරදි වලට දඬුවම් දැඩි කිරීම
- පාසල් දරුවන් අතර දැනුවත් කිරීම් වැඩි කිරීම
- මත්ද්‍රව්‍ය මර්දනය සඳහා ජනතා සහාය ගැනීම
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

