Latestදේශීය

බැඳුම්කර නයි මුගටි එකම වේදිකාවක

ඊයේ (25) එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට ගොඩ වූ අගමැති දිනේෂ් ගුණවර්ධන සමග රවී කරුණානායකද එම වේදිකාවේ සිටි අතර 2015 – 2019 පාලන සමයේ මෙම පිරිස එකිනෙකාට එරෙහිව ජනතාව ඉදිරියේ බරපතල ලෙස දේශපාලන ගැටුමක් පෙන්වන රංගණයක යෙදී සිටීම පිළිබඳව හැන්සාඩ් වාර්තාවෙන් සාක්ෂි හමුවේ.

එවකට මුදල් ඇමතිව සිටි රවී කරුණානායකට එරෙහිව 2016 ජුනි 09 වැනි දින ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලද්දේ දිනේෂ් ගුණවර්ධන විසිනි. එම යෝජනාව ස්ථීර කර තිබුණේ බන්දුල ගුණවර්ධනය. එදින හැන්සාඩි වාර්තාවට අනුව ස්වෛරිත්ව බැදුම්කර ණය විශාල වශයෙන් ගැනීම නිසා ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාව B+ ශ්‍රේණ්ගත කිරීමේ සිට B- දක්වා පහත හෙලා ඇති බව දක්වා තිබේ.

එම වාර්තා වේ වැඩිදුරටත් දැක්වෙන්නේ “මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මහතා පිළිබඳ මෙම ගරු සභාවේ විශ්වසනීය භාවය සම්පූර්ණයෙන්ම නොමැති බැවින්, තව දුරටත් මුදල් අමාත්‍යවරයා විසින් එම ධුරයේ කටයුතු කිරීමේ හැකියාව පිළිබඳව විශ්වාසය භංග වී ඇති බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.” යනුවෙනි.

එහෙත් එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ සහ එය ස්ථීර කළ දෙදෙනාට අමතරව මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු මන්ත්‍රීවරු රැසක් රවී කරුණානායක සහ රනිල් වික්‍රමසිංහ සමග අත්වැල්බැඳගෙන සිටිති.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *