Latestදේශීය

සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක් දියේ ගිලී මියයයි

අවිත්තාව ඉහලකන්ද යගිරල ඇතාවැටුණුවළ යන ස්ථානයේ දිය නෑමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇතැයි ඉත්තෑපාන පොලිසිය පවසයි.

මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්දන සහායකයින් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව් දෙනෙකු අදාළ දිය වළෙහි දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ එස්. ගෞතම් සහ එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ එස්. හර්ෂනාත් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාය.

දේහයන් පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය අද (26) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. ඉත්තෑපාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *