Latestදේශීයවිශේෂාංග

හන්තානේ කතාව අපට ඉතිරිකර ඔහු නිහඬව නික්ම යන ලදි

මෙරට සිනමා ඉතිහාසයේ නව පරිච්චේදයක ආරම්භකයා ලෙස පිළිගත හැකි හන්තානේ කතාව සිනමා පටය අධ්‍යක්ෂණය කළ සුගතපාල සෙනරත් යාපා ඊයේ (25) රාත්‍රියේ දිවි රංගණය සමාප්ත කර තිබේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් 1956දී රේඛාව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමාවට හඳුන්වා දුන් නවමු ප්‍රවේශය සමාජ ආර්ථික ප්‍රස්තුතයන් කෙරෙහි යොමු කරවීමේ කඩඉමක් සුගතපාල සෙනරත් යාපා විසින් තබනු ලැබීය.

ඔහු නිෂ්පාදනය කළ මිනිසා සහ කපුටා කෙටි චිත්‍රපටයට 1962දී ඉන්දියාවේ පවත්වන ලද ජාත්‍යන්තර සිනමා උලෙලේ රණමයුර සම්මානය හිමි විය.

වෘතාන්ත සිනමාව හන්තානේ කතාවෙන් ආරම්භ කළ පසු පෙම්බර මධූ සහ ඉන්දුට මල් මිටක් යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අතර මෙරට විචාරකයින්ගේ විශේෂ අවධානයට පාත්‍රවිය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *