ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට පැනවූ නව නීති
ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය කාන්තාවන් සම්බන්ධයෙන් නව නීති සමුදායක් හඳුන්වා දී තිබේ.
ඊට අනුව, ප්‍රසිද්ධියේ ගායනා කිරීම, කියවීම සහ ශබ්ද නගා කියවීම කාන්තාවන්ට තහනම් කර ඇත.
එමෙන්ම ඔවුන්ට ප්‍රසිද්ධ ස්ථානවල මෙන්ම මුස්ලිම් නොවන ප්‍රජාව ඉදිරියේදීත් ශරීරය සහ මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි ඇඳුම් පැළඳිය යුතු වේ.
එමෙන්ම විවාහයෙන් හෝ ලේ සබඳතා මත ඥාතින් නොවන පිරිමි පුද්ගලයින් දෙස බැලීමත් කාන්තාවන්ට තහනම් කරුණකි.

@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

