Latestදේශීය

දුටුවොත් වහාම දැනුම් දෙන්න

වෙඩිතැබීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලමින් නිවේදනයක් නිකුත් කර තිබෙයි.

පසුගිය අගෝස්තු 16වැනිදා ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණි.

එම සිදුවීම පිළිබඳ ශ්‍රී පුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර මේ වනවිට එක් සැකකරුවෙකු හඳුනාගෙන තිබෙයි.

ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, පහතින් දක්වා ඇති ඡායාරූපයේ සිටින සැකකරු පිළිබඳ විස්තරයක් ඇත්නම් වහාම පොලීසිය දැනුවත් කරන ලෙසටයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අංක 87, සමරුගම, අවිස්සාවේල්ල යන ලිපිනයේ පදිංචි කන්දේ ලේකම්ලාගේ ගයාන් සුගතදාස නැමති අදාළ සැකකරු ජාතික හැඳුනුම්පත් අංක 850220751V, 198502200751 දරණ අයෙකි.

ඔහු ගැන තොරතුරක් ඇත්නම් ස්ථානාධිපති – 071 859 1181 හෝ ශ්‍රී පුර පොලිස් ස්ථානය – 025 225 5062 යන අංකයට දැනුම් දීමේ හැකියාව පවතියි

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *