Latestදේශීය

නිරුවතින් සිටි බීමත් පොලිස් නිළධාරියා අත්අඩංගුවට

රාජකාරියේ නිරතව සිටිය දී කෙළින් කටින් ඉන්නට බැරි තරමට මත්පැන් පානය කර තැබෑරුමක් අසල නිවසකට රිංගා නිල ඇඳුම් ගලවා නිරුවතින් බිම නිදා සිටි පොලිස් කොස්තාපල්වරයකු කයිට්ස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු නිරුවතින් එම නි‍වසේ සිට දිව ගොස් කම්බි වැටකින් රිංගීමට ගොස් එහි පැටලී තුවාල ලබා ඇති බව ද කයිට්ස් පොලිසිය සඳහන් කළේය. කයිට්ස් රෝහලේ මේ වන විට ඔහු ප්‍රතිකාර ලබමින් සිටී. මෙම නිලධාරියා පසුගිය 23 වැනිදා රාත්‍රී රාජකාරියේ යොදවා සිට ඇත්තේ පුංකුඩතිව්හි මඩත්තවේලිහී පිහිටි මාර්ග බාධකයේය. රාජකාරියට ඔහු ගොස් ඇත්තේද මත්පැන් පානය කර බව විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. එසේ මාර්ග බාධකයේ බීමතින් සිටිමින් ඔහු පුද්ගලයකුට පහරදීමක්ද කර ඇතැයි පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන් කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොලිස් කණ්ඩායමක් මුරපොළ වෙත 24 වැනිදා අලුයම යන විට බීමත් කොස්තාපල්වරයා එහි සිට නැත. පුංකුඩතිව් තැබෑරුම අසල පිහිටි සෝබන මුත්තු නමැත්තාගේ නි‍ෙවසේ ඔහු නිදාගෙන සිටින බවට එහි දී පොලිස් නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව පොලිස් නිලධාරීන් එහි යන විට මෙම නිලධාරියා ඔහුගේ නිල ඇඳුම ගලවා එහි කොටස් සී.සී.කඩ විසිකර දමා නිරුවතින් බිම නිදාගෙන සිටිනු දැක ඇත. මෙම නිලධාරියාව ඇහැරවා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගෙන් මිදී ඔහු පලාගොස් ඇති බවත් නිරුවතින්ම දිව ගිය ඔහු කම්බි වැටකින් රිංගීමට ගොස් තුවාල වී ඇති බවත් පොලිසිය කියයි.

රාජකාරී වේලාව තුළ බීමතින් සිටීම පොලිසියට අපකීර්තියක් ඇතිවන ආකාරයට නිරුවතින් නි‍වසක නිදාගෙන සිටීම ආදී කරුණු මුල්කරගෙන මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ද ඊයේ (25) පියවර ගෙන තිබිණි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *