Latestවිදේශීය

හිස්බුල්ලා ප්‍රහාර අරඹයි – ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක්

ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ කිසිදු පාර්ශ්වයකින් සහයෝගයක් නොලැබීමත් සමඟ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ නගර කිහිපයක් ඉලක්ක කරමින් රොකට් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද, ඊට ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු ඕනෑම මොහොතක හිස්බුල්ලා රොකට් ප්‍රහාරමාලාවක් යළි එල්ල වීමේ අවදානම හේතුවෙන් පැය 48ක හදිසි තත්ත්වයක් රට තුළ ප්‍රකාශයට පත් කළ බව එරට ආරක්ෂක ඇමැතිවරයා නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.

හිස්බුල්ලා වෙතින් එල්ල වී ඇත්තේ දෙවැනි ලෝක මහා යුද සමයේදී රුසියාව භාවිත කළ බව කියන අතිප්‍රබල කටියුෂා රොකට්ටු වන අතර, ඊශ්‍රායල හමුදා කඳවුරු 11ක් ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර 320ක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. සිය මෙහෙයුම සම්පූර්ණ කළ බව එම රොකට් ප්‍රහාර මාලාවෙන් පසු හිස්බුල්ලා සංවිධානය නිවේදනය කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කෙසේ වුවද සිය මිසයිල නාශක පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් හිස්බුල්ලා වෙතින් එල්ල වූ රොකට් ප්‍රහාරයේ බලපෑම් අවම කරගැනීමට හැකි වූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ලෙබනනයේ සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බවය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *