Latestදේශීය

වී වගා සහනාධාරය රු. 25,000 දක්වා ඉහළට

2024 මහ කන්නයේ සිට වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද(27) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම පොහොර සහනාධාර මුදල මෙම යල කන්නයේ දී රුපියල් 10,000ක් වශයෙන් ලබා දුන් අතර ලබන මහ කන්නයේ සිට එම මුදල රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට මින් පෙර තීරණය කර තිබුණි.

නමුත් මෙම මුදල රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට ඉල්ලා සිටිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. නමුත් දැනට පවතින මුල්‍යමය තත්ත්වයන් සළකා බලමින් පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කරනු ලැබීය.

මීට අමතරව ලබන මහ කන්නයේ දී MOP වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට ද පියවර ගෙන ඇති නිසා වී වගාවට අවශ්‍ය සම්පුර්ණ පොහොර ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ හිමි වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *