Latestවිදේශීය

සුඩානයේ වේල්ලක් පුපුරා යයි – ගම්මාන 20ක් යටවෙයි

උතුරු සුඩානයේ ඝන මීටර් මිලියන 25ක ධාරිතාවකින් යුතු දැවැන්ත වේල්ලක් පුපුරා යෑමෙන් ගම්මාන 20ක් යට වී ඇතැයි ද, අනපේක්ෂිත ගංවතුරට හසුවීමෙන් පුද්ගලයන් 60 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නැඟෙනහිර සුඩානයේ පිහිටි පෝර්ට් සුඩාන් වරාය නගරයට මුළුමනින්ම ජලය සපයනු ලබන අරබාට් නමැති එම වේල්ල පුපුරා යෑමෙන් පසු ඇති වූ ගංවතුරට හසුවී අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව සියයකට අධික බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අතුරුදන්වූ පුද්ගලයන් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, මියගිය ගණන තවත් ඉහළ යනු ඇතැයි මෙහෙයුම් නිලධාරීන් බිය පළ කර ඇතැයි ද වාර්තා වේ. වේල්ල පුපුරා ගොස් ඇත්තේ මේ දිනවල සුඩානයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් බවත්, වේගයෙන් ගලා ගිය ගංවතුර හේතුවෙන් නිවාස පනස් දහසකට වඩා මුළුමනින්ම විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ගංවතුරට හසුවූ මෝටර් රථ, ලොරි රථ ඇතුළු රථවාහන රැසක් ද එතුළ සිටි පුද්ගලයන් සමඟම ගසා ගෙන ගොස් ඇති අතර, ඔවුන් සොයා ගැනීම දුෂ්කර වනු ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *