Latestදේශීය

රනිල් පිලේ 4දෙනෙකුට අධිකරණයෙන් දඬුවම්

තම නඩුවලින් බේරීම සඳහා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා පත් කර ගත්ත ද මේ වනවිට පිල් මාරු කළ මන්ත්‍රීවරු සිව් දෙනෙකු හට අධිකරණය විසින් නීතිය ක්‍රියාත්මක කර තිබේ.

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත් වී රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වූ ඩයනා ගමගේ, මනූෂ නානයක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ මන්ත්‍රී ධුර මේ වනවිටත් අහිමි වී තිබේ. ඊට අමතරව, පොහොට්ටු පක්ෂයේ සිට එක් වූ ඒ. එච්. එම්. ෆවුසි හට වසර දෙකක බරපතළ වැඩ සහිත වසර 10කට අත්හිටවූ සිර දඬුවමක් අද නියම කරනු ලැබීය.

ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් ලබා දී තිබූ රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුතු වාහනයක් අයථා ලෙස පෞද්ගලික පරිහරණයට ගැනීමේ වරදකරුවීම නිසා එම දඬුවම නියම කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *