බංගලාදේශ මාධ්‍යවේදිනියගේ අභිරහස් මරණය
බංග්ලාදේශයේ ගාසි ටීවී රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති මැදිරියේ සේවය කළ 32 හැවිරිදි සාරා රහනුමා නමැති මාධ්‍යවේදිනියකගේ මළ සිරුර ඩකා අගනුවර වැවකින් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇගේ මරණය පිළිබඳ මේ වන විට එරට දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති අතර, මරණයට හේතුව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව ඩකා නුවර පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මාධ්‍යවේදිනියගේ මරණය පිළිබඳ මෙතෙක් තොරතුරු හෙළි නොවූවද, හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ පුත්‍රයා වන සජීබ් වසීඩ් අමෙරිකාවේ සිට ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිදහසට එරෙහිව බංග්ලාදේශයේ සිදුවූ තවත් කුරිරු ඝාතනයක් බවය.
කෙසේ වුවද මාධ්‍යවේදිනිය මිය ගිය දිනයට පෙර දින රාත්‍රියේදි සිය මිතුරකුට මුහුණුපොත මගින් සටහනක් තබා ඇති බවටත්, ඒ අනුව ඇගේ මරණය සියදිවි හානි කරගැනීමක් විය හැකි බවටත් තොරතුරු පළ වී ඇතැයි ද වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

