රනිල් වික්‍රමසිංහගේ වේදිකාවේ සිට මහින්ද රාජපක්ෂගේ ගුණ කියූ රාජිකා වික්‍රමසිංහ
ජනතාවගේ දුක නිව්ව ජනතාවට සතුට ගෙනාව නායකයා මහින්ද රාජපක්ෂ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වේදිකාවකදී සඳහන් කලාය.
මාවනැල්ල ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ජන රැලියක වේදිකාවේදී එසේ කියා සිටි අතර ඒ සමගම ඇය එය රනිල් වික‍්‍රමසිංහ ලෙස නිවැරදි කලාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින ඇය මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් වී සිටී.

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

