Latestදේශීය

PAYE බද්ද සංශෝධනයට IMF එකඟ වුණා – රනිල් වික්‍රමසිංහ

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඊයේ (28) ඇහැලියගොඩ දී පැවති ජන රැලිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“තව ප්‍රශ්නයක් තමයි උපයන විට ගෙවන බද්ද. ඒකත් විශාල ප්‍රශ්නයක්. IMF සංවිධානයයි අපියි එකඟ වෙලා තියෙනවා, ඒක සංශෝධනය කරන්න වුවමනායි කියලා. මූලික තීරණය අරගෙන ඉවරයි. අපි එක යෝජනාවක් දාලා තියෙනවා. ඒ අය තව යෝජනාවක් දාලා තියෙනවා. ඉතිං මේ යෝජනා දෙක සාකච්ඡා කරලා අපි එකඟත්වයකට ආවාම ඒ නියම ගාණ අපි මෙතන දැනුම් දෙන්නම්.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *