ඉන්දියාවේ ශිෂ්‍ය සටන ප්‍රභල වෙයි
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ වෛද්‍යවරියක දූෂණය කර ඝාතනයට ලක් කිරීමේ සිදුවීම සම්බන්ධව මේ දක්වා යුක්තිය ඉටු නොවීම හේතුවෙන් එම ප්‍රාන්තයේ මහ ඇමැතිනිය සමස්ත ඉන්දීය ත්‍රිණමූල් කොංග්රස් පක්ෂයේ නායිකා මමතා බෙනර්ජිට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ඊයේ කල්කටා නුවර දැවැන්ත විරෝධතා පා ගමනක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය විසින් සංවිධාන කරනු ලැබූ විරෝධතා පා ගමන මහඇමැති කාර්යාලය ඇතුළු සෙසු රජයේ කාර්යාල පිහිටි නිබන්නා ගොඩනැඟිල්ල දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබූ බවත්, එය වැළැක්වීමට 6000කට අධික පොලිස් කණ්ඩායමක් යොදවා තිබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.
ඊයේ පස්වරුව වනවිට පොලිස් මාර්ග බාධක බිඳ දමමින් ඉදිරියට ගිය සිසු සිසුවියන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල වීමත් සමඟ විරෝධතා පා ගමන ප්‍රචණ්ඩකාරී ස්වරූපයකට හැරුණු බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පොලිස් කණ්ඩායම්වලට අමතරව කැරලි මර්දන පොලිසිය ද කැඳවා තිබූ බවත්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පාලනය කිරීම දුෂ්කර වී ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කළේය. කලහකාරී ලෙස හැසිරුණු විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පොලීසියට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද, පොලිස් නිලධාරීන් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
විරෝධතා පා ගමනට පොලිසියෙන් පහර දීමට විරෝධතාව පළ කරමින් භාරතීය ජනතා පක්ෂය අද බටහිර බෙංගාල ප්‍රාන්තයේ පැය 12ක වැඩ වර්ජනයක් කැඳවා ඇති අතර, ඊට එක් නොවන ලෙස ප්‍රාන්ත රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

