ත්‍රස්තවාදය මර්ධනයට පකිස්ථානය රු බිලියන 60ක් වෙන්කරයි
පාකිස්තානයේ අන්තවාදය සහ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ තීරණාත්මක පියවරක් ලෙස අගමැති ශෙබාස් ෂරිෆ්ගේ උපදෙස් අනුව එරට ආරම්භ වූ ජාතික ත්‍රස්ත මර්දන මෙහෙයුම සඳහා පාකිස්තාන රජය රුපියල් බිලියන 60ක මුදලක් අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
‘අසාම් ඊ ඉස්ටෙකම්‘ නමින් පසුගිය ජූනි මාසයේදී ආරම්භ කළ එම මෙහෙයුම ත්‍රස්තවාදයට එරෙහිව පාකිස්තාන රජය ගත් කාලෝචිත පියවරක් වන බවත්, පාකිස්තානයේ ස්වෛරීභාවයට බලපෑම් එල්ල වීම වැළැක්වීම එහි අරමුණ බවත් එරට රජය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එරට ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඉහළ නැෙඟමින් පවතින ප්‍රාන්ත දෙකක ත්‍රස්ත මර්දන මෙහෙයුම සඳහා වෙන් කළ මුදලින් රුපියල් බිලියන 20ක් ක්ෂණිකව මුදා හැරීමට පාකිස්තාන රජය මේ වන විට පියවර ගෙන ඇති බව පාකිස්තානයේ එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

