Latestදේශීය

වෙන විකල්පයක් නැහැ, මේ පාර වරද්දගන්න බැහැ – කළණ ගුණසේකර

වෙන විකල්පයක් නැහැ, මේ පාර වරද්දා ගත්තොත්, කල්පනා කරන්න දෙයක් ඉතිරි වෙන්නෙත් නැහැ යැයි පිටපත් රචක සහ රංගන ශිල්පී, කළණ ගුණසේකර අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කලේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පසුගිය දා (25) පැවති කලාකරුවන්ගේ එකමුතුවේ `රට අනුරට’ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිටපත් රචක සහ රංගන ශිල්පී, කළණ ගුණසේකර,

“අසූව දශකයේ ඉපැදිලා දශක හතරක් පුරා විවිධ පුද්ගලයන්ගේ බොරු පොරොන්දු, දේශපාලනිකව රට නන්නත්තාර කළ ආකාරය, වෙනත් රටවලට ණය වුණු ආකාරය සහ රට කඩාවැටුණු ආකාරය බලාගෙන ඉඳලා තව දුරටත් මේ සියල්ල දරාගෙන ඉන්න බැරි වේදනාවක් තිඛෙන පුරවැසියෙක් මම. මේ පාර තියෙන්නේ ඡන්දයක් නොවෙයි, ශී්‍ර ලාංකිකයන්ගේ බුද්ධි පරීක‍ෂාවක් කියලා මම හිතනවා. යම් කිසි මධ්‍යම පාන්තික හීනමානයක් නඩත්තු කරන හෝ අතිශයින්ම දරිද්‍රතාවේ ගිලී කුමන හෝ වාසියක් අරභයා තමන්ගේ ජීවිත ගැන පමණක් සිතන සීමිත පිරිසක් ඉන්නවා. මේ රට මේ තාක් විනාශ කළ පිරිස වටා මේ පිරිස් දෙකම එකතු වී සිටිනවා. ඒ වාගේම මෙතෙක් රට විනාශ කළ පිරිසම කණ්ඩායම් තුන, හතරකට ඛෙදී නැවත මේ රට අමාරුවේ දාන්න සූදානම් පිරිසක් ඉන්නවා. එයට එරෙහිව බුද්ධිමත්ව කල්පනා කර බලා මේ රටට විකල්පයක් ගොඩනැඟිය හැකිියි කියන අවබෝධයෙන් කටයුතු කරන පිරිසක් අනෙක් පැත්තේ ඉන්නවා.

තව දුරටත් මේ කෙබරවලට අහු වෙලා යන ගමන මෙතැනින් නතර කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මගේ පරම්පරාවටත්, මගෙන් පසු පරම්පරාවටත් මම විශේෂ දෙයක් අවධාරණය කරනවා. මේ සෙල්ලම නැටුවා ඇති. අවුරුදු හැත්තෑ ගණනක් සිදු කළ රැවටීමෙන් මිදෙන්න අපේ පරම්පරාව එකතු වී හරි තීරණයක් අරගෙන අපි මේක අවසන් කරන්න ඕනෑ. මේ රට දියුණු කරන්න ඕනෑ. අනුර කුමාර දිසානායක කියන්නේ තව දුරටත් එක පුද්ගලයෙක් ලෙස මම දකින්නේ නැහැ. ඔහු යම් කිසි ක්‍රමවේදයක්, රට ගොඩනැ`ගිය හැකි සැලැස්මක් ලෙසයි මම දකින්නේ.

අපි ඒ ආදර්ශය නිවැරැදිව ලබා දී දකුණු ආසියාවටම නව දේශපාලනයක් හඳුන්වා දීමේ හැකියාව ලබාගත හැකියි. වෙන විකල්පයක් නැහැ, මේ පාර වරද්දා ගත්තොත්, කල්පනා කරන්න දෙයක් ඉතිරි වෙන්නෙත් නැහැ. අවුරුදු හැත්තෑහය අසූඑකක් නොකර මේ ශාපය මෙතැනින් ඉවර කරන්න අපි ඔක්කොම එකට එකතු වෙමු, අනුරව මේ රටේ නායකත්වයට පත් කර ගනිමු.”

මෙම මාධ්‍ය හමුව සඳහා සංගීතවේදී මිත්‍ර කපුගේ, සාහිත්‍යවේදී කමල් පෙරේරා, නාට්‍යවේදී ලලිත් රාජපක්ෂ, රංගන ශිල්පිණී දීපානි සිල්වා, චිත්‍රශිල්පී අනුර ශ්‍රීනාත්, රංගන ශිල්පිනී මනෝජා ප්‍රනාන්දු, සංස්කරණ ශිල්පී බුද්ධික රණසිංහ, ගායනවේදී ක්‍රිෂාන්ත එරන්දක, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, රංගන ශිල්පී ජගත් මණුවර්ණ, රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි, රංගන ශිල්පී මහින්ද පතිරගේ, රංගන ශිල්පී කළණ ගුණසේකර, රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා, සාහිත්‍යවේදී රවී සිරිවර්ධන, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, රංගන ශිල්පිණී නදී කම්මැල්ලවීර, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, මහාචාර්ය සෞම්‍ය ලියනගේ, රංගන ශිල්පීණී නිපුණි ශාරදා, චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායක, රංගන ශිල්පී චමින්ද බටුකොටුව, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය නොයෙල් විජයරත්න, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක, ආචාර්ය කෞෂල්‍ය කුමාරසිංහ, රංගන ශිල්පිණී සමනලී ෆොන්සේකා, සංගීතවේදී ඉන්ද්‍රචාප ලියනගේ, මහාචාර්ය මංගල සේනානායක, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය, අංග රචනා ශිල්පී නාරද ධනංජී, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ රුවන් කුඩලිගම, සාහිත්‍යවේදී ශාන්ති දිසානායක, සාහිත්‍යවේදී සුදාරාජ් එස් රාජසිංහම්, ජ්‍යෙෂ්ට සහාය අධ්‍යක්ෂල සරත් සේනාරත්න, නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන්, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු, සාහිත්‍යවේදී දේගවී ගාල්ලගේ, නාට්‍යවේදී චමරු පතිරණ සහ රංගන ශිල්පිනී ගම්‍යා විජයදාස ඇතුළු කලාකරුවෝ පිරිසක් සහභාගී වි සිටියහ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *